HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon

Monday, April 13, 2015

වැලි රාජුගේ මරණයේ දේශපාලනික කියවීම!


30 March 2015 LANKA NEWS WEB වෙතින් උපුටා ගන්නා ලදී.

නාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එක් මලයෙක් වන බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු අද (28) පාන්දර ජීවිතයෙන් සමුගෙන ගිය පුවත  මේ වන විට අන්තර්ජාලය ඔස්සේත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යන් ඔස්සේත් විශ්ව ගම්මානයම කියවමින් සිටී.
වැලි රාජුගේ මරණයට විවිධ අර්ථකතන ලැබෙමින් පවතී. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මිය ගිය මලයා ජනාධිපතිගේ පවුලේ උදවිය මීට වසර 6 - 7 කට ඉහතදී පවුලෙන් පන්නා දැමූවෙක් බවයි. ජනාධිපතිවරයා හා ඔහු අතර කිසිම සම්බන්ධතාවයක් නොතිබුණු බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී. එවිට මහින්දවාදීන් අසන්නේ ‘හෙලිකොප්ටරයෙන් කොළඹ ගෙනාවේ සම්බන්ධයක් නොතිබුණ නිසාද? පොලොන්නරුවේදී අනතුරට පත්වන අනෙක් අයත් එසේ හෙලිකොප්ටරෙන් කොළඹ ගේන්නේද?' යන්නයි. 
ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජු යනු සැබෙවින්ම ගමක ජීවත්වූ මැරයෙකි. ඔහුගේ ජීවිකාව ‘රජරට බිල්ඩර්ස්' නමින් ව්‍යාපාරයක් අටවා ගෙන අනවසර වැලි ගොඩදැමීමයි. ඇත්තෙන්ම ඔහු නිසා මෛත්‍රීපාල සිරිසේනට මූණ සාක්කුවේ දා ගැනීමට අවස්ථා කීපයකදීම සිදුවිය. අය්යා ජනාධිපති වුනා කියා වැලි රාජු තම දෛනික කටයුතු වෙනස් නොකලේය. ජනතා විමුක්ති පෙරමුණ නැවත වැලි ගැන  වලි අදිනකම්ම වැලි රාජු අනවසර වැලි ගොඩ දැමීය. ඔහු  සරමක් ඇඳගෙන දවස පුරා විට හපමින් පුලතිසිපුරයේ ගමක් ගමක් හන්දියක් හන්දියක් බෝක්කුවක් බෝක්කුවක් ගානේ කරක් ගැසුවේ පෙර පරිදිය. ඇහැට කනට පේන මියුලැසියන් දුටු විට මදක් නැවතී කහට ගැහුණු දත් පෙන්නා සිනාවක් දැමීමට අමතක නොකලේය. හැන්දෑවට භාගයකට හෝ බෝතලයකට වගකියා දන්නා කියන ගේකට රිංගීම ඔහුගේ දෛනික චාරිකාවේ අවසාන අංගය විය.  එකී අවසාන අංගය ජීවිතේද අවසාන අංගය බවට පත්විය.
එසේ ඔහු මේ හැම කාරියක්ම කලේ තනිවමව මිස එස්කෝට් ජීප් බැකප් දමා ගනිමින් මරසෙනග පිරිවරා නොවේ. අවම වශයෙන් ජීවාතාරක්ෂාවට කියා පිස්තෝලයක්වත් පාවිච්චි කලේ නැත. එතනින්ම ජනාධිපති අයියාගේත් වැලිරාජු මල්ලීගේත් සම්බන්ධතාවය වටහා ගත හැක.  අවසානයේ ඔහුව හෙලිකොප්ටරයෙන් කොළඹට රැගෙන එන්නේ ඔහු විසින් ඉල්ලා හෝ චීනයේ සිටින ජනාධිපති අය්යා කියා හෝ නොවේ. ජනාධිපති අය්යාට හිතවත් පිරිස් ස්වේච්ඡාවෙන් ඉටු කළ කාරියකි එය.
අපේ රටේ අය්යා ජනාධිපති වූ විට නිල නොවන ජනාධිපතිවරු වන්නේ මල්ලිලාය. හරිනම් වැලි රාජු මේ වන විට සිටිය යුතු වූයේ ඇමරිකාවේ ලාස් වේගාස් වල කැසිනෝ ගසමින්ය. නැත්නම් ලන්ඩන්   ‘සෝහෝ' වල සුදු යුවතියන්ගේ පයෝධර අතර කිමිදෙමින් ඔවුන්ගේ තට්ටම්වල පවුම් නෝට්ටු කෙලගා අලවමින්ය. අවමයෙන් බැංකොක් තායි යුවතියකගෙන් ‘බොඩි ටු බොඩි' මසාජ් එකක් ගනිමින්ය. පහුගිය කාලයේ අප අත්විඳි සැබෑ මල්ලිලා හා පුතාලා හැසිරුනේ අන්න ඒ ආකාරයටය. ඒ වෙනුවට වැලිරාජු කලේ අවුරුදු ගණනක් පුරුදු විදිහට කටේ විට අතට ගෙන ගුඩු ගුඩු ගා බාගයක් බී පුරුදු ගුබ්බෑයමකට රිංගීමය. රිංගපු තැන හිටපු එකා මූ ජනාධිපතිගේ මල්ලී යැයි වගේ වගක් නොහිතා දෑත බැඳ දර පලන්නා සේ වැලි රාජුගේ හිස දෙපළු කලේය. තවමත් ඌත් ඌගේ ගෑණිත් මව්පියනුත් යහතින් සිටී. යහපාලනය විසින් උන් හිටපු ගෙවල් දොරවල් දවා අලු නොකලේය. සැකකරු රිමාන්ඩ් භාරයට පත්විය. ජනාධිපතිගෙන් ලකුණු ගැනීමට පොරෝ පහර දුන් ලක්මාල්ට ගේමක් දීමට එකෙක්වත් උත්සාහ නොකළේය. නීතියට ඉඩදී සැමෝම බලා සිටී.

මහින්දවාදීන් කියන්නේ මේ සේරටම වග කිව යුතු වන්නේ ‘මෛත්‍රීගේ නෝන්ජල්කම' කියාය. අය්යා කෙලින් හිටියානම් මල්ලිලාට මෙසේ වෙන්නේ නෑ කියාය. කෙලින් හිටපු අය්යලා සහ මල්ලිලා රටට කෙලිය හැටි මේ ගොං වාහේලාට අමතකය. රටක වල් වැදුනු නීතිය නැවත ක්‍රියාත්මක වනු දැකීම මෙම ගෝත්‍රිකයන්ට නෝන්ජල් කමකි. අවසාන වශයෙන් ලංකාදීප පුවත්පතේ ‘ප්‍රින්ටින් මිස්ටේක්' එකකින් මෙම ලියවිල්ල නිමා කරනු කැමැත්තෙමි. එහි සඳහන් වූයේ ‘මහින්ද අවසන් බුහුමන් දක්වයි' කියා මරා දැමුණු රත්ගම සභාපතිගේ මළගෙදර හිටපු ජනාධිපති ගිය කතාවකි. ගොඩක් අය කියන්නේ හෙඩිමේ ‘ට' යන්න අඩුය කියාය. ගොඩ ඒමට කැමති අයට කැමති විදිහකට එය සිතාගත හැකිය.

No comments:

Post a Comment