HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon

Monday, April 13, 2015

පුරාවෘතයක් වන ලී ක්වාන් යූ.


Sunday,29 Mar 2015 'රාවය' පුවත්පත.
පසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ලී ක්වාන් යූ ගැන සඳහන් නොකොට සිංගප්පූරුව ගැන කතා කළ නොහැකි ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ මැලේසියා කොලනියේ කොටසක්ව තිබූ වර්ග කිලෝමීටර් 277ක් පමණ වන සිංගප්පූරුව නමින් හැඳින්වුණු දූපත් කිහිපය වෙනම රාජ්‍යයක් බවට පත් කරන ලද්දේ යූගේ අප‍්‍රතිහත උත්සාහය හා ධෛ්‍ය_ය නිසා බව ප‍්‍රකට ය. අවුරුදු 30ක් වැනි කාලයක් තුළ එනම් එක් පරම්පරාවක් තුළ ගන්දස්කාර වරාය නගරය ලෝකයේ ම ධනවත් රාජ්‍ය අතරට ඔසොවා තබන ලද්දේ ඔහුගේ නායකත්වයෙනි.

1923 සැප්තැම්බර් 23 දා සිංගප්පුරුවේ දී බි‍්‍රතාන්‍ය පුරවැසියකු ලෙස උපත ලද හැරී ලී ක්වාන් යූ බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයයේ ෆිට්ස් විලියම් විදුහලේ නීතිය හදාරා පළමු පෙළ සාමාර්ථයක් ලබා 1950 වසරේ ඉන් පිට වූයේ ය. ඉන්පසු කෙටිකලක් බි‍්‍රතාන්‍යයේ මිඞ්ල් ටෙම්පල් හි සිය සහෝදරයා වන ඒ විදුහලේ ම නීති උපාධිධාරී ඩෙනිස් ලී ක්වාන් යූ සමග ලී සහ ලී නම් නීතිඥ සමාගමක් පිහිටුවා ගෙන සේවය කළ ඔහු 1951 ආපසු සිංගප්පූරුවට පැමිණ නීති වෘත්තියේ යෙදුණේ ය. පෞද්ගලික නීතිඥයකු ලෙස සේවය කරන අතර සමාගම් කිහිපයක හා ශිෂ්‍ය ව්‍යාපාරයක නීති උපදේශක ලෙස ද කටයුතු කළ හේ 1954 දී දේශපාලනයට පිවිසියේ ය. 
එ සමයේ ඔහු මිතුරු කණ්ඩායමක් හා එක් ව කමියුනිස්ට් ජනතා කි‍්‍රයාකාරී පක්‍ෂය පිහිටුවා ගත්හ. වැඩිකල් නොගොස් ම කමියුනිස්ට් කොටස හැලී ගිය අතර ජනතා කි‍්‍රයාකාරී පක්‍ෂය අදත් සිංගප්පූරුව පාලනය කරයි.

1960දී බි‍්‍රතාන්‍යයෝ සිංගප්පූරුව සිය යටත් විජිතවලින් ඉවත් කළෝ ය. ඉන්පසු එය මැලේසියාවේ වරාය නගරය විය. ජනතා ක‍්‍රියාකාරී පක්‍ෂයේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් 1963 මැලේසියාවට ද එය අත්හැර දමන්නට සිදු විය.
ඉන්පසු සිංගප්පුරුවේ නියමුවා වූයේ ඔහු ය. ඔහු තම සිතැ`ගි අනුව අලූත් රාජ්‍යය හැඩගස්වා ගෙන සිය පුතා එය භාරගන්නට තරම් වැඩෙන තෙක් එරට පාලනය කළේ ය.
වර්තමානයේ සිංගප්පූරුව ලොව ධනවත්ම රාජ්‍යයන් අතර සිව්වන ස්ථානයේ සිටියි. එහි දළ දේශීය නිෂ්පාදිතය ඇඩො බිලියන 298ට මඳක් අඩුවන අතර ඒක පුද්ගල ආදායම ඇඩො 55,200 පමණ වෙයි. ඒ කාරණය ගැන සඳහන් කළ පමණින් එහි දියුණුව ගැන කියන්නට අන් සාධක කිසිවක් සඳහන් කිරීම අවශ්‍ය නොවේ. 

සිංගප්පූරුවේ ඇත්තේ අධිසංවර්ධත වෙළෙඳපොළ ආර්ථිකයකි. ලොව ප‍්‍රමුඛ වරාය කේන්ද්‍රීය හුවමාරු වෙළෙඳ මධ්‍යථාන අතර දෙවැනි තැන ගන්නා එහි කි‍්‍රයාත්මක වන්නේ ලොව වඩාත් ම නිදහස්, වඩාත්ම නිර්මාණාත්මක, වඩාත් ම ව්‍යාපාරික මිත‍්‍ර මෙන් ම වඩාත් ම තරගකාරී ද ආර්ථිකය වේ. ට‍්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ ¥ෂණ දර්ෂකයට අනුව ලොව අඩුම දූෂණ සිදුවන රටවල් අතර සිංගප්පුරුව 2012 සහ 2013 පස්වන ස්ථානයේ ද 2014 වසරේ 7වන ස්ථානයේ ද සිටියි. 
මේ සියල්ලට හේතු සාධකය ලී ක්වාන් යූ ය. ඔහුගේ ජනතා කි‍්‍රයාකාරීත්ව පක්‍ෂය එදා මෙදා තුර සිංගප්පූරුව පාලනය කරයි. එය බලයට පත්වන්නේ මැතිවරණවලිනි. මැතිවරණවල දී රටේ ජනතාව නිදහසේ ඡුන්දය පාවිච්චි කරති. මැතිවරණ දූෂිත ඒවා බවට චෝදනා ද නැත. එය සිංගප්පූරුවට පමණක් විශේෂිත තත්ත්වයකි.
මෙලෙස රට දියුණුව කරා ගෙන ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයෝ ලොව බොහෝ සිටියහ. එහෙත් යූ තරම් කලක් බලයේ රැුඳෙන්නට ඔවුනතුරින් කිසිවකුටත් හැකිවූයේ නැත. ඊට හේතුව ලෙස විචාරකයන් (විචාරකයන් සිටින්නේ ද අතළොස්සක් පමණි) පෙන්වා දෙන්නේ යූගේ නීතියේ ස්වභාවයයි. එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව විධායක බලය ඇත්තේ කැබිනට් මණ්ඩලයට වන අතර නාමමාත‍්‍ර ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ රහස් ඡුන්දයෙනි. මැතිවරණ දෙපාර්තමේන්තුව කි‍්‍රයාත්මක වන්නේ අග‍්‍රමාත්‍යවරයා යටතේ ය. කිසිම විදෙස් නිරීක්‍ෂණ කණ්ඩායමක් මැතිවරණ නිරීක්‍ෂණයට සහභාගි කරවා ගන්නට එරට නීිතිය අනුව නොහැකි ය. ඡුන්ද පති‍්‍රකා බෙහෙවින් ප‍්‍රතික්‍ෂේප වන අතර ජනතා කි‍්‍රයාකාරී පක්‍ෂයට ජය ලබදෙමින් මැතිවරණ නිමවෙති.

එරට මාධ්‍ය සියල්ලම රාජ්‍ය පාලිත හෝ රජයට සම්බන්ධ ආයතනවලට අයත් ය. රූපවාහිනි නාලිකා හයක් ඇතත් ඒවායින් සමබර පුවත් විකාශයක් සිදු නොවේ. උතුරු කොරියාවටත් වඩා සංවෘත මාධයක් එහි පවතියි. රජය යනු යූ පවුලේ ඇත්තන් ය. ඔවුන් විවේචනය කිරීම රාජද්‍රෝහී කි‍්‍රයාවකි. ඒ රාජද්‍රෝහී අපහාස නීතිය යූගේ ආණ්ඩුව පැනවූවක් නොවන අතර යටත් විජිත පාලනය විසින් පනවන ලද්දකි. තවමත් ඒවා ඒ ආකාරයෙන් ම පවති. ‘ෆා ඊස්ටර්න් ඉකොනොමික් රිවීව්’ ස`ගරාව 2006 කලාපයක වත්මන් අගමැති ලී සෙයිං ලූං සහ ඔහුගේ පියා වන හිටපු අගමැති ලී ක්වාන් යු විවේචනය කරන විශේෂාංග ලිපියක් පළ කළේ ය. එම ස`ගරාව පවත්වාගෙන යන ලද්දේ ඩෝ ජෝන්ස් විසිනි. යූ ස`ගරාවට එරෙහිව රාජද්‍රෝහී චෝදනා යටතේ සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරී ය. විය යුතු පරිදි ම ස`ගරාව පරාජයට පත්වූ අතර ඇඩො 300,000ක් ගෙවන්නට ස`ගරාවට සිදුවිය. 2009 දී ස`ගරාව අවසානය දිටී ය. ඇතැමකුට අනුව මේ සිද්ධියත් ඊට හේතුවකි. මේ නඩු සාපරාධි අපහාස නීිතිය යටතේ පැවරෙයි. සිංගප්පූරු රජයට එරෙහි තීන්දුවක් එරට කිසිම අධිකරණයකින් ලැබෙන්නේ නැත.
බොහෝ සිංගප්පූරු වැසියන් සුකුමාර ජීවිත ගත කරන්නවුන් වන හෙයින් ඔවුන්ට පුවත් ගැන එතරම් අවශතාවක් ද නැත.

යූ සංවර්ධනය සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකට යා නොහැකියැ’යි ඇදහූවෙකි. එසේම ඔහු කමියුනිස්ට් ක‍්‍රමයට ද විරුද්ධ ය. ජනතාවට ආර්ථික වශයෙන් ඕනෑතරම් දුරකට යන්නට ඔහු ඉඩ දී තිබේ. රට දියුණු වූයේ එලෙසිනි. දැන් අතළොස්සක් විනා ඔහුට එරෙහිව යන්නට කිසිවකුත් නැත.
කෙසේවෙතත් සිංගප්පුරුව මේ වනවිට ඇඩො බිලියන 322ට ආසන්න රාජ්‍ය ණය කන්දරාවක ‘හිමිකරුවෙකි’. එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 93% ඉක්මවයි. සේවකයන්ගෙන් ඔවුන්ගේ අර්ථසාධනය සඳහා නීත්‍යනුකූලව අයකර ගන්නා මුදල් ද මේ වනවිට රජයේ පරිහරණයට ගෙන අවසන් ව ඇති බව ද පැවසේ.
ලී ක්වාන් යූ පාලනය ගෙනගියේ කිසියම් ඒකාධිපති ස්වරූපයකිනි. ඒ ක‍්‍රමය හැඳින්වෙන්නේ ‘ප‍්‍රබුද්ධ ආඥාදායකත්වය’ ලෙසිනි. මහජන හිතකාමී පාලනයක් ගෙනයන ඒකාධිපතියා වැනි අරුතක් එයට තිබේ. ඉතිහාසයේ උදාහරණ ලෙස පෘෂියාවේ දෙවැනි ෆ්‍රෙඩි‍්‍රක් රජු, රුසියාවේ පළමුවන පීටර් සාර්, රුසියාවේ කැතරින් බිසව දැක්වෙති.

මේ සියල්ල කළේ යූගේ හයියෙනි. ඔහුගේ පුත් වත්මන් අගමැති ලී සෙයිං ලූංට ඒ හැකියාව තිබේ දැයි සැකසහිත ය. බොහෝ රටවල නිර්මාතෘන්ගේ සැලසුම් එක්කෝ ඔවුන් නැතිවීමෙන් නැත්නම් ඔවුන් බැහැරවීමෙන් පසු අභාවයට ගොස් ය. රුසියාවේ ලෙනින්, චීනයේ මා ඕ, ඊස‍්‍රායෙලයේ බෙන් ගුරියන්, දකුණු අප‍්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මතු නොව කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝගේ පවා සැලසුම් කෙටි කාල සීමා තුළ ඒ ඒ රටවලින් අතුරුදන් විය. එහෙත් පසුගිය 54 වසර මුළුල්ලේ එය මුල් ආකාරයෙන් ම පවත්වා ගෙන යන්නට යූ සමත් විය.
පැවසෙන පරිදි ලී ක්වාන් යූ සිංගප්පූරුවේ සිටින අංක එකේ ධනපතියා ය. එසේ නොවේ නම් 2 හෝ 3 ස්ථානයේ සිටින්නා ය. එහෙත් මේ කිසිවක් වංචා සහ ¥ෂණවලින් උපයා ගත් ඒවා නොවේ. ඒවා සිංගප්පූරුවේ පවතින නීතියට අනුව උපයා ගත් දෑ ය.

එස්. නන්දලාල්

No comments:

Post a Comment